පසුගිය කාලසීමාවේදී සිදුවූ පෙරළියට අදාළ සාකච්ඡා වලින් භාගයක් පමණ කළේ පාර්ලිමේන්තුව තුළදී බවත්, තවත් ප්‍රමාණයක් කළේ ජනපති මන්දිරයට හූවක දුරකින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසීය.
"අපිට සාකච්ඡා කරන්න සිංගප්පූරුවට යන්න ඕන නෑ. ඔක්කොම සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ. භාගයක් කළේ පාර්ලිමෙන්තුවේ. තවත් ප්‍රමාණයක් කළේ අරලිය ගහ මන්දිරයට හූවක දුරකින්" යැයි හෙතෙම පැවැසීය.
මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.
එසේම වර්තමාන ආණ්ඩුව රණවිරුවන් අගෞරවයකට ලක් කර තිබෙන බවත් මංගල සමරවීර මහතා පැවැසීය.
පාරලිමේන්තු මන්ත්‍රීවරුන් 14ක් හා පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් විපක්ෂයට එක්ව තිබෙන බවත් හෙතෙම පැවැසීය.