ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් හෙට (29දා) සවස 4.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් දියත් කරන බවත් දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයකට ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනෙකුත් සේවකයන්ට වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා හා පැය 08 වැඩ දිනයක් සහ දිරි දීමනා වැටුපට එකතු කරන ලෙස ඉල්ලා මෙම වැඩ වර්ජනය සිදුකරන බවද එම කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේය. වැඩවර්ජනය හෙට (29දා) සවස 4.00 සිට 31 වැනි දින සවස 4.00 දක්වා ක්‍රියාත්මක වන බවද හෙතෙම පවසා සිටියේය.