දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. දුම්රිය සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද (12දා) දහවල් පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා මෙම තීරණයට එළඹ ඇත.
බඳවා ගැනීමේ පටිපාටියේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමීමට විරුද්ධව දුම්රිය රියදුරන් හා නියාමකවරු ඊයේ (11දා) රාත්‍රී 8.00 සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.
මේ නිසා සමස්ත දුම්රි ගමන් වලින් 90% ක් අවලංගු කිරීමට සිදුව ඇත.