දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 තුළම පුද්ලයන් ලක්ෂ 20ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකර මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (10දා) ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නියඟය, ගංවතුර, නාය යෑම් හා වෙරළ ඛාදනය යන විපත් හේතුවෙන් පවුල් 576,798කට අයත් පුද්ගලයන් 2,005,674ක් පීඩාවට පත්ව ඇති බවයි.