පාසල් දරුවන් අනාගතයට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපනය තුළින් සවිබල ගැන්වීමේ වගකීම තමන් ඇතුළු රජය විසින් භාරගෙන ඇති බවත් ඒ අනුව, මෙවර පළමු ශ්‍රේණියේ දරුවන්ට නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එමෙන්ම 2029 දී පාසලෙන් පිටව යන අද පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ට නූතන ලෝකය තුළ දැනුම් අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් රජය වැඩසටහන් රැසක් දියත් කර ඇති බව ද ඔහු පැවසුයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අද (14)කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ එක්වෙමිනි.