19 වැනි සංශෝධනය අනුව ජනතා අපේක්ෂා ඉටු කරන්නට නම් මෙම ස්වාධීන කොමිෂන් සභාවලට සුදුසුකම් ඇති අවංක කාර්යශූර හා දූෂිත නොවන සුපිළිපන්න පුද්ගලයන් පත් කළ යුතු බව පුරවැසි සංවිධානය හා වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.
එසේ කළ යුතු බව ආණ්ඩුවට හා විධායක ජනාධිපතිවරයාට අවධාරණය කරන අතර, ජනතා අභිලාෂයට එරෙහිව දූෂිත පුද්ගලයන් පත් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා නිවේදනයක් නිතුත්තරමින් සඳහන් කළේය.
එමෙන්ම එම වැරැද්ද මෙම අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී සිදුවූ බවත්, එවැනි වැරදි පත් කිරීමක් කොමිෂන් සභා සඳහා සිදු වුවහොත් ඒ පිළිබඳ තොරතුරු ජනතාවට හෙළිදරව් කරමින් එයට එරෙහි වන බවද ඒ මහතා අවධාරණය කරයි.