ඉදිරි මහමැතිවරණය සඳහා තරග වැදීමට ස්වාධින කණ්ඩායම් 14 ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇතිබව මැතිවරණ මහලේකම් කාර්යාලය ආරංචිමාර්ග පවසයි. ඒ කොළඹ, නුවරඑළිය, දිගාමඩුල්ල, පුත්තලම, අනුරාධපුර, ත්රිකුණාමලය සහ ගම්පහ යන දිස්ත්රික්කවලට ස්වාධින කණ්ඩායම් එක බැගින් ඇප තැන්පත් කර තිබේ. කළුතර සහ ගම්පහ යන දිස්ත්රික්කවලට ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් ද මඩකලපුව දිස්ත්රික්කයට ස්වාධින කණ්ඩායම් 03 ක් ද ඇප මුදල් තැන්පත් කර තිබේ.