විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදීම සඳහා මේ වනවිට හඳුන්වාදී ඇති ස්මාට් විදුලි මීටරය, දැනට විදුලිය ලබාගෙන තිබෙන ලක්ෂ 50 කට අධික පාරිභෝගික ජනතාවටද ලබාදීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
දැනට විදුලි සම්බන්ධතා ලබාගන්නා සියලුම දෙනාටම මෙම විදුලි මීටරය ලබාදෙන බවත්, ඊට සාපේක්ෂව දැනට විදුලිය ලබාගෙන සිටින පිරිසටද ස්මාර්ට් විදුලි මීටරය ලබාදෙන බවද ඔහු පවසා සිටියේය.
සැමට විදුලිය ලබාදීම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 100% ක් විදුලිය ලබාදීම සම්පූර්ණ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.