අගමැතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට යටත්ව ඉදිරිපත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව අද පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් මේ බව සදහන් කළේය.
ස්ථාවර නියෝග වලට යටත්ව මේ ව්‍යවස්ථාව සැකසීම ඉදිරියට ක්‍රියාත්මක කල යුතුයි යන්න පක්ෂය දැඩි ස්ථාවරව සිටින බවත් වඩාත් ප්‍රජාත්‍රන්වාදි ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට ජවිපෙ මැදිහත් වන බවත් හෙතෙම කීය.