ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමග ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවයත්, සර්ව ජන ඡන්ද බලයත් ලබාදෙමින් ශ්‍රී ලංකාව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තාවන් සවිගැන්වීම කෙරෙහි මීට පෙර සිටම අවධානය යොමු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.
ඊයේ (27දා) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ රැස්වීම අමතමින් ඔහු මේ බව පැවැසීය.