(UPDATE) ස්කොට්ලන්තය තවදුරටත් එක්සත් රාජධානියේ කොටසක් ලෙස පවතිනවාද, නැත්නම් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙනවාද යන්න තීරණය කෙරෙන ජනමත විචාරණයේ ඡන්ද ගණන් කිරීම් ආරම්භ වී ඇති අතර, එහි ප්‍රථම ප්‍රතිඵලය නිකුත් වෙමින් NO හෙවත් ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය යුතු නැහැ යන කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.
'ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය යුතුද?' යන පැනයට 'ඔව්' (YES) සහ 'නැහැ' (NO) යන පිළිතුරු දෙකින් එකක් තෝරා ගනිමින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට මෙම ජනමත විචාරණයේදී ඡන්ද දායකයන්ට අවස්ථාව හිමිව තිබේ.
මැතිවරණය වෙනුවෙන් පුද්ගලයන් 42,85,323ක් ලියාපදිංචි වී ඇති අතර, මෙය ස්කොට්ලන්ත මැතිවරණ ඉතිහාසයේ කාර්ය බහුලම දිනයක් බවට පත්ව තිබුණි.
ඡන්ද මධ්‍යස්ථාන 5,579කදී එරට වේලාවෙන් ඊයේ (18දා) උදෑසන 7.00ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර, රාත්‍රී 10.00 දක්වා ඊට අවස්ථාව පවති අතර, ඡන්ද ප්‍රතිඵල අද (19දා) උදෑසන සිට ප්‍රකාශයට පත්වෙමින් තිබේ.
ඡන්දය ගණන් කිරීම මධ්‍යස්ථාන 32කදී සිදුවන අතර, ප්‍රකාශයට පත් තැපැල් ඡන්ද 789,000ක් ගණන් කිරීමද සිදුවෙයි.
කෙසේ වෙතත්, මැතිවරණයක් අවස්ථාවේදී බලපැවැත්වෙන දැඩි නීති හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වනතුරු ජනමත විචාරණයේ සවිස්තරාත්මක තොරතුරු වාර්තා නොවීය.
එමෙන්ම, මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා නොවන අතර, සුළු සිදුවීම් කිහිපයක් හැර නීති කැඩීම් සම්බන්ධයෙන්ද වාර්තා නොවෙයි.