නිවසේ නිදාගෙන සිටි සිය සහෝදරියගේ දියණිය පැහැරගෙන ගොස් දූෂණය කොට කිරුළපන ඇළට වීසිකොට මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ එම දැරියගේ මාමාට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (25දා) මරණ දඬුවම නියම කළාය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු විත්තිකරුගේ බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වූයේ කිරුළපන, සිද්ධාර්ථ පාරේ පදිංචි රවීන්ද්‍රන් පුලේන්ද්‍රන් හෙවත් බෝලේ නමැති 23 හැවිරිදි තරුණයෙකුටය.