ඉදිරි දින 10 ඇතුළත සහල් මිල ස්ථාවර තත්ත්වයට ගෙනඑන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ වනවිට සහල් ආනයනික බදු මුදල රුපියල් (1) දක්වා අඩු කර ඇත්තේ වෙළෙඳ පොළෙහි සහල් මිල ඉහළ යාම වළක්වා ගැනීමටත්, හිඟයකින් තොරව රටතුළ සහල් තොග පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
අද වනවිට ලංකා සතොස මගින් පාලන මිලට වඩා අඩුවෙන් සහල් අලෙවි කරන බව පැවසූ ඒ මහතා, සම්බා කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 76 කටද, නාඩු 67 කටද සුදු කැකුළු 64 මිලකටද ලබා ගත හැකි බව සඳහන් කළේය.
සෑම ප්‍රදේශයකම සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ඉදිරි දින 10 ඇතුළත සෑම නගරයකම සතොස ලොරි යොදාගෙන සහල් විකිණීමට බලාපොරොත්තු වන බවද හෙතමෙ පැවසීය.
ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කිසියම් නගරයක ලංකා සතොස අලෙවි සැලක් විවෘත කළ විට එහි මිලට සමාන්තරව වෙනත් වෙළෙඳ සැල්වල මිල අඩුවන බවයි.
ලංකා සතොස දිනක පිරිවැටුම මිලියන 2300 ඉක්මවන බවත් ඊයේ බොරැල්ල ප්‍රදේශයේදී 304 වැනි ලංකා සතොස අලෙවි සැල විවෘත කළ බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කළේය.