ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට විධිමත්ව ආධාර බෙදාදීම සඳහා තම අමාත්‍යාංශයට රැගෙන එන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
ඒ අනුව දන්සැල් පැවැත්වීමට සැලසුම් කළ පුද්ගලයන් ඇතුළුව ආධාර එකතු කළ සියලු දෙනා එම අමාත්‍යාංශයට පැමිණ විධිමත්ව එම ආධාර බෙදාදීමට සහාය වන ලෙසද එම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.