සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය හෙවත් උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං අඩු පීඩන කලාපය දිවයිනෙහි කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් පවතින බැවින් මෙම තත්වය අපේක්ෂා කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානයන්හි තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.