කොස්ගම සාලාව අවි ගබඩාව පිපිරීම නිසා විපතට පත්වූ පවුල් 2,100ගෙන් කිසිවෙකුගෙත් ප්‍රශ්න විසඳීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට එරෙහිව හෙට (17දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව සඳහන් කරයි.
මෙම ක්රියාමාර්ගයටත් විසඳුම් නොලැබුණහොත් සාලාව නගරයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වන බවද එම එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
ජුනි මස 06 වැනිදා සිදුවූ මෙම පිපිරීමෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන හා වන්දි ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු පිට පොරොන්දු ලබාදුන්නද මාස 5 යි දවස් 5ක් ගතවී ඇතත් මෙතෙක් පොරොන්දු ඉටුකර නොමැති බවද පවසා සිටියේය.