පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී මුදල් හෝ පරිත්‍යාග සිදුකරන ලෙසට විදුහල්පතිවරු ගුරුවරු හෝ ආදි ශිෂ්‍ය සංගම් ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳ තම සංගමය දැනුවත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.
මුදල් සහ පරිත්‍යාග වශයෙන් දෙමාපියන්ගෙන් අල්ලස් ලබාගන්නා සියලුමදෙනාට එරෙහිව තම සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ නිසා ඕනෑම දෙමාපියෙකුට 0112 458058 දුරකථන අංකයෙන් විස්තර ලබාදිය හැකි බවද එම සංගමය සඳහන් කළේය.