වීසා බලපත්‍රයන්ගෙන් තොරව ශ්‍රී ලංකාව හා සර්බියාව අතර සංචාරය කිරිමේ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා සර්බියාව අතර සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක නිරත සර්බියානු විදේශ අමාත්‍ය අයිවිකා ඩැසික් (Hon. Ivica Dacic) මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර අද (07දා) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී මෙම අදහස් හුවමාරු වී ඇත.
මේ පිළිබඳව ඉදිරියේදී දෙරට අතර ගිවිසුම් අත්සන් කිරීමටද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
එසේම ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳවත් නුදුරු අනාගතයේ දී සර්බියානු ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයක් ද සංවිධානය කිරීමටත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.