දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා නිර්විෂ, හානිදායක නොවන උරග සතුන් සමග උරග උයන තුළ නිර්මාණාත්මක පසුතල සහිතව ඡායාරූප ගැනීමේ වැඩපිළිවෙළක් අද (06දා) සිට ක්‍රියාත්මක බව සත්ත්වෝද්‍යානය පවසයි.
මෙහිදී ශ්‍රී ලංකාවට ආවේණික උරග විශේෂ 10 ක් ප්‍රදර්ශනයට එක්කර ඇති අතර, ඉදිරියේදී උග්‍රවිෂ සහිත මුදු කරවලා, වැලිපොළඟා වැනි සතුන්ද ප්‍රදර්ශනයට එක්කිරීමට සත්ත්වෝද්‍යානය බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 103 ක් පමණ සිටින අතර, ඉන් 49 ක් ආවේණික උරග විශේෂ වේ.