සයිටම් විරෝධී සරසවි සිසු විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කොළඹ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල කළේය. විරෝධතාව හේතුවෙන් කොළඹ නගර සභාව අවට දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබුණි.