විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (28දා) සිදුකළ වෘත්තිය ක්‍රියාමාර්ගයට බලධාරීන් ප්‍රතිචාර නොදක්වීම නිසා වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
පවතින ගැටලු, අද (28) වැඩ භාරගත් නව උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂිම් මහතාට ඉදිරිපත් කළ බවද එම සංගමයේ සම ලේකම් ජී.එච්.ඩී.එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
මේ අනුව අද දිනයේ වර්ජනයට එක් කර නොගත් විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසමේ සේවකයන්ද මාර්තු 02 වන දින වර්ජනයට එක්කර ගන්නා බවද පවසා සිටියේය.