විශ්වවිද්‍යාල වාත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ මුදල් ඇමතිවරයා අතර අද (04දා) පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය ඉදිරියටත් සිදුකරන බව එම කමිටුවේ භාණ්ඩාගාරික කේ.එල්.ඩී.ජී.රිච්මන්ඩ් මහතා පැවසීය. තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් 07 සඳහා මුදල් ඇමතිවරයා පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බවද ඔහු කීය.
අනධ්‍යන සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කරනු ලැබීය.