2002 වසරේදී මීගමුවේ සිදුවූ රිය අනතුරිකින් පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා රුපියල් රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මීගමුව මහාධිකරණය අද (07දා) නියෝග කළේය.
මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මහත්මිය සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විදෙස් ගමන්ද තහනම් කළ අතර සෑම මසකම තුන්වැනි ඉරිදා පොලීසියේ පෙනී සිටින ලෙසද නියෝග කළාය.