ශ්‍රී ලාංකීය සරණාගතයන් 153 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට භාරදීම ඔස්ට්‍රේලියානු මහාධිකරණය වළක්වා ඇති බව වාර්තා වෙයි.
බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට පැමිණි සරණාගතයන්ගේ සරණාගත භාවය පිරික්සීමෙන් පසු ඉරිදා දිනයේ ශ්‍රී ලාංකීය සරණාගතයන් 41 දෙනෙකු යළි ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදුන් බව ඔස්ට්‍රේලියානු රජය පවසා සිටීමෙන් පසු මෙම තීරණය ලැබී තිබුණි.
ඔස්ට්‍රේලියානු සරණාගතභාවය පතා පැමිණි සරණාගතයන්ගෙන් විශේෂයෙන් දෙමළ සරණාගතයන් යළි ශ්‍රී ලංකාවට භාරදුන් විට ඔවුන්ට ශ්‍රී ලංකාවේදී වදහිංසනයන්ට මුහුණ පෑමට සිදුවන බව එරට දේශපාලඥයන් හා මානව හිමිකම් සංවිධාන පැවසීමද අධිකරණයේ මෙම තීරණයට හේතුවක් විය හැකි බව පැවසෙයි.
මේ අතර ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබෝට් මෙම සරණාගත ප්රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොරොන්දු වී ඇත.