සරණාගතයන් රැගත් බෝට්ටුවක් තුර්කියට ඔබ්බෙන් මුහුදේදී අනතුරට පත්වීම හේතුවෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.
ග්රීක දූපත්වල සිට මෙම බෝට්ටුවේ පැමිණි පිරිස තුර්කිය හරහා යුරෝපයට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් පසුවූවන් බවද කියැවෙයි.
මෙසේ දියේ ගිලුණු පිරිස අතර කුඩා දරුවන් 17 දෙනෙකු සිටින බවද තුර්කි වෙරළාරක්ෂක බලකාය පවසයි. මේ අතර, එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 26 දෙනෙකු බේරාගැනීමටද වෙරළාරක්ෂක බලකාය සමත්ව තිබේ.
දිවිබේරා ගත් පිරිස පවසන පරිදි ලීයෙන් තනා තිබූ මෙම බෝට්ටුවේ පමණටවඩා පිරිසක් ගමන් කිරීමත්, එම අවස්ථාවේ පැවති අධික සුළං තත්ත්වයත් මෙම අනතුරට හේතු වී ඇත. එමෙන්ම, එහි ගමන්ගත් බොහෝ දෙනෙකු ජීවිතාරක්ෂක කබායක් හෝ පැළඳ නොසිටි බවද කියැවෙයි.
මෙම අනතුර 2016 වසර උදාවේ සිදුවූ දරුණුතම සරණාගත බෝට්ටු අනතුර ලෙස ඉතිහාසයට එක්වෙයි.