හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්,සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවරධන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසමත් අද (12දා) ප්රකාශ සටහන් කරගනිමින් සිටියි.
යකඩ වංචා සිද්ධියක් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාගෙන් ප්රශ්න කරමින් සිටින අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත සජින් වාස් මහතාගෙන් ප්රශ්න කරමින් සිටියි.
සරණ ගුණවර්ධන මහතාට හා සජින් වාස් ගුණවරධන මහතාට ඊයේ මෙම ප්රකාශ ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔවුන් දෙදෙනාම ඒ සඳහා නොපැමිණියහ.