සයිටම් ආයතනය වසාදමා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම ඉටු කළද මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට සාධාරණයක් කිරීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නැතැයි මාලඹේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය සඳහන් කරයි.
මාලඹේ වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබාගත් ශිෂ්‍යයන් 80 දෙනෙකු සිටින බවත්,මීට අමතරව 2011 වසරේ සිට බඳවාගත් 800කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන බවත් එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
සයිටම් ගැටලුවට විසඳුම බව පවසමින් වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ලබාදුන් නිර්දේශවල පවා මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉටුවිය යුතු බව දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.
එහෙත් සයිටම් ආයතනය අහෝසි කළ බවට රජයේ පාර්ශ්ව ප්‍රකාශ නිකුත් කළද, මාලඹේවෛද්ය පීඨ ශිෂ්‍යයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව මෙතෙක් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා මාලඹේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සියලුම දෙනා රාජ්‍ය වෛද්‍ය පීඨයකට ඇතුළත් කරගෙන ඔවුන්ට වෛද්‍ය උපාධිය ලබා දී එය පිළිගැනීමට ලක්කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.
මාලඹේවෛද්ය විද්‍යාලයට දරුවන් ඇතුළත්කෙරුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත බවද විජේරත්න මහතා තවදුරටත් කියා සිටියේය.