සයිටම් ආයතනය සම්බන්ධයෙන් අද (28දා) රජයේ ස්ථාවරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙය සයිටම් ගැටලුව විසඳීමට අදාළව අවසන් විසඳුම විය හැකි බවත්, ඒ තුළින් රටේ අධ්‍යාපනයට සෞඛ්‍යට යහපතක් සිදුවන බවට විශ්වාසයක් තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.