සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ. එහි අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කරන සිසුන් සඳහා පමණක් වෛද්‍ය විද්‍යා උපාධිය පිරිනැමීමට නියමිතය.
එම සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පුනරාවර්තන වියදම් රජය මගින් ලබා දීමටද නියමිතය.
සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් යෙදීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ වාර්තාව අනුව රජය මෙම තීරණය ගෙන තිබේ.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.