සයිටම් වෛද්‍ය පාඨශාලාව අහෝසි කිරීම හැර සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ලබාදෙන විසඳුම පිළිනොගන්නා බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
මේ අනුව මේ මස 06 වන දින සයිටම් වෛද්‍ය පාඨමාලාව අහෝසි කරන ලෙස ඉල්ලා දෙමාපියන්ගේ මාරාන්තික උපවාසය ආරම්භ කරන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
මරාන්තික උපවාසයට එක්වීමට දෙමාපියන් 300කට ආසන්න පිරිසක් ඉදිරිපත් වී සිටින බවද අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
උපවාසය පැවැත්වීම සඳහා ස්ථාන 05ක් යෝජනා වී තිබෙන බවත්, මෙම ස්ථාන 05න් එක් ස්ථානයක දෙමාපියන් කිහිපදෙනෙකු සමග මෙම උපවාසය ආරම්භ කරන බවත්, සෙසු පිරිස ක්‍රමක්‍රමයෙන් එකතු වෙන බවද පවසා සිටියේය.