පොරොන්දු වූ ආකාරයට සයිටම් ආයතනය අහෝසි කිරීමට කටයුතු නොකිරීමට එරෙහිව මේ මස 24 වන දින සිට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
සයිටම් ආයතනය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වී කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය සමග සයිටම් ආයතනය අනුබද්ධ කර එය නීතිගත කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවද එම මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු විරසේකර මහතා සඳහන් කළේය.
මෙයට එරෙහිව 25 වන දින විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පවත්වන බවත්, එදින කොළඹදී දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පවත්වන බවද පවසා සිටියේය.
එයට ප්‍රතිචාර නොලැබුණහොත් විශ්වවිද්‍යාල මට්ටමින් වෙනත් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, එම ක්‍රියාමාර්ගවලටද ප්‍රතිචාර නොලැබුණහොත් සියලුම ශිෂ්‍යයන් කොළඹට කැඳවා විරෝධතා ව්‍යාපාර පවත්වන බවද සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වන විට සයිටම් අහෝසි කරන බවට ආණ්ඩුව පොරොන්දු ලබා දී තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.