සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය ලබාදුන් විසඳුම පිළිනොගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඊයේ (29දා) නිකුත් කළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයෙන් සැබෑ විසඳුම නොලැබුණ බවත් එම සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ ඊයේ නිකුත් කළ නිවේදනයේ සුබවාදී කරුණු මතුකර තිබුණත් එය අවසන් විසඳුම නොවන බවයි.
ජනාධිපති විසින් අවසන් විසඳුමක් ලබාදෙන බව සඳහන් කළත් එම නිවේදනයට අත්සන් කර තිබෙන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.