අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය අද (10දා) පැවැත්වීමට යන සයිටම් විරෝධී පාගමනට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව වාරණයන්ට යටත්ව එම පොළපාළිය හා උද්ඝෝෂණය සාමකාමීව පවත්වාගෙන යෑමට අවසර දී ඇත.
මහජනයාට හා වාහනවලට බාධාවක්, අනතුරක්, කරදයක් ඇති වන ආකාරයෙන් පවත්වාගෙන යෑම හා ගමන් කිරීමෙන් වැළකී සිටීම, ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම හා සාමය කඩවන සුළු ආකාරයට ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බවට නියෝග නිකුත් කර තිබේ.