මෙතෙක් සිදුකළ ක්‍රියාමාර්ගවලට අනුව සයිටම් ආයතනය අහෝසි කිරීමට පාලකයන් කටයුතු නොකරන නිසා 30 වැනිදා රාත්‍රියේ මුළු රටම රත් කරන බව සයිටම් විරෝධී ජනපවුර සංවිධානය සඳහන් කරයි.
මේ අනුව සමස්ත ලංකාවම ආවරණය වන පරිදි හුළු පන්දම් ඇතුළු විවිධ ආලෝකයන් උපයෝගි කරගෙන විරෝධතා රැලි, පාගමන්, අත්පත්‍රිකා බෙදාහැරීම් සහ උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බවද එම සංවිධානයේ සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගයට සහයෝගයක් ලෙස වැඩබිම් ඉදිරිපිටදීත් විවිධ ක්‍රියාමාර්ග දියත් කිරීමට නියමිත බවද අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.