සයිටම් ආයතනය නිසා ඇති වී තිබෙන ගැටලුව වහාම විසඳන ලෙසට ආණ්ඩුවට බලකිරීමේ මහා සමුළුවක් හෙට (28දා) කොළඹදී පැවැත්වෙන බව වෛද්‍ය විද්‍යාලය ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෑතකාලීනව වෛද්‍ය විද්‍යාල ආචාර්යවරුන් පවත්වන විශාලම සමුළුව මෙය බවත්, මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාටම ආරාධනා කර තිබෙන බවත් එම සංගමයේ කමිටු සාමාජික, රජරට වෛද්‍ය විද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
කිසිවෙකුටත් අසාධාරණයක් නොවන ආකාරයට සයිටම් ආයතනයේ ගැටලුව විසඳන ආකාරය පිළිබඳ හෙට හෙළි කරන බවද ඔහු පවසා සිටියේය.