සයිටම් ආයතනය බාරගැනීම සඳහා 'ස්ලිට්' ආයතනයට අමතරව තවත් එවැනි ආයතන කිහිපයක් කැමැත්ත පළකර තිබෙන බවද රජයේ සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01දා) පැවසීය
සයිටම් ආයතන සම්බන්ධව පසුගියදා ලබාදුන් විසඳුමෙන් සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමක් හෝ ජනසතු කිරීමක් නොවූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම කටයුත්තට රජය සම්බන්ධ නොවන බවත්, ඕනෑම ආයතනයකට ඉදිරිපත් වී ලාභ නොලබන ආයතනයක් වශයෙන් සයිටම් ආයතය පවත්වාගෙන යෑමට අවස්ථාව තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී ලාභය පුද්ගලයන් අතර බෙදිය නොහැකි බවත්, එම ආයතනය ලබන ලාභය ආයතනයේ සංවර්ධනයට සහ පර්යේෂණ සඳහා වියදම් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.