සයිටම් ආයතනය අහෝසි කරන ලෙස වෛද්‍ය පීඨ ආචාර්යවරුන් ඉල්ලා නොමැති බවත්, තම සංගමය යෝජනා කර තිබෙන්නේ එම ආයතනය විසින් පවත්වන වෛද්‍ය පාඨමාලාව අහෝසි කරන දමන ලෙස පමණක් බවත් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලාව සම්බන්ධයෙන් ලබාදෙන විසඳුම පීඨාධිපතිවරුන් ලබාදී තිබෙන යෝජනාවලට අනුව ලබාදිය යුතු බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය වීරසිංහ මහතා සඳහන් කළේය.
එසේ නොමැතිව සයිටම් ආයතනය අහෝසිකරන කාරණය පදනම් කරගෙන විසඳුමක් ලබාදීමට ගොස් පවතින ගැටලුව තවත් අර්බුදයකට ලක් නොකළ යුතු බවද අද (22දා) පැවැති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.