මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ජාතික ප්‍රශ්නයක් බවත්, එය විසඳීමට විපක්ෂය හා ආණ්ඩුව එක්විය යුතු බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
උසස් අධ්‍යාපන වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අද (23දා) අමාත්‍යවරයා මේ බව පැවසීය.
යාපනයේ ඇතැම් මන්ත්‍රීවරුන් රටට සයිටම් වැනි විශ්වවිද්‍යාල දෙකක් අවශ්‍ය බව පැවසූ බවත්, විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවෙන් වසරකට රුපියල් මිලියන 7,000ක් පමණ පිටරටට ඇදී යන බවත් ඔහු කීය.