සයිටම් ගැටලුවට උඩින් පල්ලෙන් බලා විසඳුම් ලබානොදී තව දින කිහිපයක් ගෙන හෝ රටම පිළිගන්නා විසඳුමක් ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (26දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
රටම පිළිගන්නා විසඳුමක් ලබාදීමට වෛද්‍ය පීඨාධිපතිවරුන්, ආචාර්ය සංගම්, දෙමාපිය සංගම් හා වෛද්‍ය සංගම් සමග සාකච්ඡා කරන ලෙසටත් ඉල්ලා සිටි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේය.
උඩින් පල්ලෙන් බලා විසඳුමක් ලබාදීමට ගියහොත් සයිටම් ප්රශ්නය තව තවත් දිග්ගැසිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා අදාළ පාර්ශව කැඳවා සාකච්ඡා කරන ලෙසට ඉල්ලා සිටි බවද ලේකම්වරයා පවසා සිටියේය.