සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප්රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
සියලු අභියෝගවලට සහ ගැටලුකාරී තත්ත්වයන්ට සාකච්ඡාවෙන්, සංවාදයෙන් සහ කරුණු බෙදා හදා ගැනීමෙන් විසඳුම් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දෙහිඕවිට, තිඹිරිපල ශී්ර අභිනවාරාම විහාරස්ථානයේ අභිනව රන්වැට විවෘත කිරීමේ උත්සවයට ඊයේ (23දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
බෙදීම සහ වෙන්වීම යහපත් රටක් ගොඩනැගීමට බාධාවක් වන බවත් රටේ මතුවන ගැටලුවලදී මෙන්ම සංවර්ධන කාර්යයේදී ද බෙදීමෙන් සහ වෙන්වීමෙන් තොරව සියලු දෙනා සාමූහිකව එක්ව එම ගැටලු විසඳාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.