සයිටම් ආයතනය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය වහාම නිකුත් කරන ලෙසට අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
සයිටම් ආයතනය අහෝසි වී යාමත් සමග එම ආයතනයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් වෛද්‍ය පීඨයකට ඇතුළත් කරගත හැකි ශිෂ්යශිෂ්යාවන්ට වෛද්‍ය අධ්‍යාපනවරම් ලබාදෙන ලෙසටත්, ඒ සඳහා ඉදිකරමින් තිබෙන වයඹ වෛද්‍ය පීඨය භාවිත කරන ලෙසටත් රජයට යෝජනා කළ බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ට ලබාදෙන විසඳුම් පිළිබඳ පීඨාධිපතිවරුන් ඉදිරිපත් කර ඇති යෝජනාවල සඳහන් වී තිබෙන බවත්,මේ අනුව එම ශිෂ්‍යයන්ටද සාධාරණයක් ඉටුවිය යුතු බවත් අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
සයිටම් ආයතනය අහෝසි කරන බවට හර්ෂද සිල්වා කමිටුව විසින් ලිඛිත පොරොන්දුවක් ලබාදුන්නද යම් යම් පිරිස් එය කඩාකප්පල් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.