මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලය පිළිබඳ රජයේ තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සඳුදා (23 දා) ප්‍රකාශයට පත්කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (19දා) අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ නොහැකි බවත්, එසේ නොකර මධ්‍යස්ථ විසඳුමක් කරා පැමිණිය යුතු බවද කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.