'සයිටම් අර්බුදය' සඳහා තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ හා රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් මෙන්ම දෙමාපිය සංගම්ද මේ වන විට එකඟතාව පළකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මේ පිළිබඳ අදහස් දැක්වීම සඳහා වූ මාධ්‍ය හමුවක් කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් කාර්යාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (12දා) කැඳවා තිබූ අතර, ඊට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ විසඳුම් ඇතුළත් පොදු ලියැවිල්ලක් ජනාධිපතිවරයා වෙත බාර දීමට ඉදිරි දිනකදී කටයුතු කරන බවයි.
මෙම මාධ්‍ය හමුව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතාද එක්ව සිටි අතර, එහිදී සිය අදහස් දක්වා සිටි ඒ මහතා,
''සබුද්ධික ජනතාවක් රටේ ඉන්නවා, ඔවුන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගන්නවා කියලා මැතිවරණයේදී පෙන්වලා තියෙනවා. රටේ ජනතාව අන්දන්න බෑ කියන පණිවුඩය ඔවුන් දේශපාලඥයන්ට දීලා තියෙනවා. රටේ ජනතාවට විසඳුම් අවශ්‍යයි. බලයෙන් උදම් අනන අයට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ආණ්ඩු හදන්න හෝ පෙරළන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය නෑ'' යනුවෙන් වැඩිදුරටත් පැවසීය.