පළාත් සමුපකාර ඇමතිවරුන් මාස තුනකට වරක් මුණගැසී ක්ෂේත්‍ර‘යේ පවතින අඩුපාඩු ගැන සාකච්ඡා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (23දා) පැවසීය.
පළාත් සමුපකාර ඇමතිවරුන් සියලුදෙනා සමග එක්ව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති සමුපකාර හා කර්මාන්ත පළාත් අමාත්‍ය සමුළුවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
ජුනි 26 සිට ජුලි 01 වැනිදා දක්වා සමුපකාර සතියක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, 94 වැනි ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම ජුලි 02 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බවත් බද්යුදීන් මහතා පවසා සිටියේය.
ඡායාරූප ශමිර රාජපක්ෂ