සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනයට රු මිලියන 2400
ශ්‍රී ලංකා හා ජපාන රජයන් අතර පවත්නා දීර්ඝකාලීන ආර්ථික සහයෝගීතාවය හේතුකොට ගෙන වාර්ෂික ප්‍රදාන ආධාර යටතේ ජපාන රජය වෙතින් රු.මිලියන 2,400 ක ප්‍රදානයක් සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව සතු වෙරළ තීරයෙහි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරන මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ඔවුන් සතු හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බව කියයි. ඒ සඳහා, ජපාන රජය විසින් කිලෝවොට් 1,440 ක ජවයකින් යුතු ඩීසල් එන්ජින් මගින් බල ගැන්වෙන මීටර් 30ක පමණ දිගින් යුතු මුර සංචාරක යාත්‍රා 02ක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්රදානය කිරීමට නියමිතය.
මෙම ප්රදානය ලබාගැනීම සම්බන්ධ හුවමාරු පත්‍ර හා ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (30දා) මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. හුවමාරු පත්‍ර අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ශී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා විසින්ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින්ද, මෙම ප්‍රදානයෙහි ගිවිසුම අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමඩා මහතා විසින්ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින්ද සිදුකරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

