සුහදතාවය වර්ධනය සහ පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමුද්‍ර පෙහෙරිදාර්” ("Samudra Paheredar") නෞකාව හෙට දින (12දා) ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිතය.
නෞකාව ඊයේ දින (10දා) කොළශ වරායට පැමිණි අතර එහි පැමිණි ඉන්දීය ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරින් ශ්‍රී ලංකාවේ නාවික සහ වෙරළාරක්ෂක නිළධාරීන් හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රාශියකට සහ ක්‍රීඩා තරඟ කීපයකට නෞකාවේ නැව් මුළුව සහභාගී වීමට ද නියමිතව ඇත.