ඇමෙරිකාවේ ලාභ නොලබන සංවිධානයක් විසින් වාර්ෂිකව සකස් කරනු ලබන සමාජ සංවර්ධන දර්ශකයකදී රටවල් 132ක් අතරින් ශ්‍රී ලංකාවට 85 වැනි ස්ථානය හිමිව තිබේ. එම දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට වන්නේ ශ්‍රී ලංකාවයි. බංග්ලාදේශය (99), නේපාලය (101). ඉන්දියාව (102), පාකිස්තානය (124) ශ්‍රී ලංකාවට පසුව සිටියි.
මෙම දර්ශකයේ ඉදිරියෙන්ම පසුවන රටවන්නේ නවසීලන්තයයි. එංගලන්තය (13), ඇමෙරිකාව (16) හා ජපානය (14) වැනි ස්ථානයන්හි රැඳී සිටියි. දර්ශකයේ 132 වැනි ස්ථානයට පත්ව ඇත්තේ චැඩ් රාජ්‍යයයි.
2013 වසරේදී ඔවුන් මෙම දර්ශකය රටවල් 50 ක් යොදාගනිමින් සකස් කර තිබූ අතර, එහිදී ශ්‍රී ලංකාව 36 වැනි ස්ථානයට පත්කර තිබුණි. මෙම දර්ශකය ගණනය කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතය, ඒකපුද්ගල ආදායම වැනි දත්ත සලකා බලයි.
සම්පුර්ණ වාර්තාව සඳහා: http://goo.gl/XAF2sH