නියඟය පවතින අවස්ථාවක වනාන්තර ගිනි තබන පිරිස් මෙන්ම සමහර දේශපාලඥයන් උතුර දකුණ යනුවෙන් රටද ගිනි තබන බව මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ඊයේ (08දා) පැවසූහ.
ජනතාව නියඟයෙන් අපහසුතාවට පත්ව ඇති බවත්, විදේශ රටවලින් මෙවැනි අවස්ථාවක උපකාර අවශ්‍ය බවත් කී උන්වහන්සේ අධාර ලැබෙන බව පැවසුවද මෙතෙක් ඒවා ලැබී නැතැයිද සඳහන් කළහ.
වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහනායක හිමිවරුන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.