ඉහළ ගොස් සිටින සභික ප්‍රමාණයට අනුව පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් ඉහළ නොදැමීම නිසා සභා රැස්වීමේදී ගැටලු ගණනාවක් ඇතිවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
ආයතනවලින් සියයට 75කට වැඩි ප්‍රමාණයට අනුව සභා රැස්වීම පැවැත්වීමට ශාලා හා පුටු මේස නොමැති බවට වාර්තා නොවන බවද මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ සංවිධානය සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් ඇතිවන බවට තම සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම දැනුවත් කළ බවද එම සංගමයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
එහෙත් එම දැනුවත් කිරීම්වලට අනුව යටිතල පහසුකම් ඉහළ දැමීමට තවමත් කටයුතු කර නොමැති බවත්, මේ නිසා ශාලා පහසුකම් වෙනත් ස්ථානවලින් ලබාගැනීමට යාම හරහා දූෂණ වංචා සිදුවිය හැකි බවත් පවසන ඒ මහතා, බොහෝ ස්ථානවල නවපාලනය ආරම්භ විය හැක්කේ දූෂණයෙන්, වංචාවෙන් බවද කියා සිටියේය.
පළාත් පාලන ආයතනවලට යම් සම්පත් ප්‍රමාණයක් තිබුණද ඒවා බෙදා ගැනීමේදී ගැටලු ඇතිවිය හැකි බවද පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මේ නිසා පහසුකම් නොමැති ස්ථානවලට කඩිනමින් පහසුකම් ලබාදිය යුතු බවද හෙතෙම කියා සිටියේය.