ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් කිරීමට සටන් විරාමයක් ගෙන ආ යුතු බවත් ඉදිරියේදී එන තුන්වැනි මැතිවරණයෙන් පක්ෂ්ය පරාජය වුවහොත් නැවතත් වසර 20ටවත් දිනන්න බැරි බව අමාත්‍ය විජිත් විජයමුණි සෙයිසා මහතා පවසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගත් වහාම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවානම් හිටපු ජනපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් නොලැබෙන බවත් ඔහු පැවැසීය.
බිබිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය ඊයේ (25දා) අමතමින් අමාත්‍යවරයා එසේ කීය.“පසුගිය මැතිවරණයේදී මමත් සාටකයේ එල්ලුනා නම් අංක එකට දිනනනවා. ජනාධිපතිවරණය ඉවරවෙලා පසුදා මෛත්‍රී ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවානම් දිනන්නේ මෛත්‍රීට හිතවත් අය විතරයි. එහෙමනම් මහින්දටපාර්ලිමේන්තු එන්නත් බෑ. මහින්ද පක්ෂ සභාපතිකම භාරදුන්නා නම් තවත් මොකටද මේකේ කාල් ගන්නේ.එතුමත් මේ පක්ෂයේ උපදේශක විදිහට ඉදගන පක්ෂය දිනවන්න රට වටේම යන්න පුලුවන්.
දැන් අපි ඉස්සෙල්ලාම පක්ෂයට සටන් විරාමයක් ගෙන ආ යුතුයි. පසුව අවබෝධතා ගිවිසුමක් ගැසිය යුතුයි. එහෙම කරලා හරි අපි එක ගමනක් යා යුතුයි. තනතුරු වලින් අයින් කරපු අය අද කම්පා වෙනවා. කව්රුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරලා නෑ. තනතුරු විතරයි ඉවත් කළේ. මන්ත්‍රීකම පක්ෂ සාමාජිකත්වය තියෙනවා.මේ අයට පක්ෂ සම්මේලනයට එන්න පුලුවන්.අපි දෙපාරක් ඡන්දේ පැරදුනා.දැන් හදන්නේ තුන් වන පාරටත් පරදින්න. මේපාර අපි පැරදුනෝත් ආයේ වසර විස්සකට දිනන්න බෑ.”
ලුණුගල ප්‍රසන්න පත්මසිරි